200 likes | 607 Views
දිළිඳුකමින් තොර ශ්‍රි ලංකාවක් සඳහා පශු සම්පත් අංශයේ දායකත්වය දිවි නැගුම 2013. මෙම ව්‍යාපෘති වල නියැලීමෙන් ප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රයෝජන. නිවසේ පරිභෝජනය සඳහා නැවුම් ඉතා පෝෂ්‍යදායි කිරි බිත්තර ලබාගැනීම. අතිරික්ත නිෂ්පාදන අලෙවියෙන් ආදායමක් ලබා ගැනීම. පශු සම්පත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
E N D
දිළිඳුකමින් තොර ශ්‍රි ලංකාවක් සඳහා පශු සම්පත් අංශයේ දායකත්වයදිවි නැගුම2013
මෙම ව්‍යාපෘති වල නියැලීමෙන් ප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රයෝජන නිවසේ පරිභෝජනය සඳහා නැවුම් ඉතා පෝෂ්‍යදායි කිරි බිත්තර ලබාගැනීම. අතිරික්ත නිෂ්පාදන අලෙවියෙන් ආදායමක් ලබා ගැනීම.
පශු සම්පත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක කාර්යාල වල අධීක්ෂණයෙන් හා දිස්ත්‍රික් පශු වෛද්‍ය කාර්යාල වල සම්බන්ධීකරණයෙන්ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල 304 ක් මගින් සියළුම පශු සම්පත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.ඔබගේ ප්‍රදේශයේ සිටින පශු වෛද්‍ය නිළධාරී මහතාසත්ව සංවර්ධන උපදේශක වරුන්මුණ ගැසී අවශ්‍ය තාක්ෂණ මගපෙන්වීම ලබා ගන්න.
කිරි බිත්තර හා මස් වලින් ස්වයංපෝෂිත වීම 2016 වන විට කිරි , වලින් ස්වයංපෝශිත වීම අපගේ ඉලක්කයයි. ඒ අනුව එක් අයෙකු සඳහා • දිනකට කිරි මිලි ලීටර් 100 ක් පරිභෝපනය සඳහා අවශ්‍ය වේ. • වසරකට කිරි ලීටර් මිලියන 785 ක් අවශ්‍ය වේ. 2016 වන විට බිත්තර හා මස් පරිභෝජනය දෙගුණ කිරීම අපගේ ඉලක්කයයි.ඒ අනුව ඒක් අයෙකු සඳහා • සතියකට බිත්තර 3 බැගින් වසරකට බිත්තර මිලියන 3360ක් නිෂ්පාදනය කල යුතුය. • වසරකට කුකුළු මස් කිලෝ ග්‍රෑම් 10 බැගින් කුකුළු මස් මෙට්‍රික් ටොන් 225000 ක් නිෂ්පාදනය කල යුතුය.
කිරි බිත්තර හා කුකුළු මස් පෝෂ්‍ය පදාර්ථ බහුල ලාභදායි ආහාර වේ. කිරි • ශරීරයට අවශ්‍ය කැල්සියම්, විටමින් A, මේද හා ප්‍රෝටීන අඩංගු ආහාරයකි. • අස්‍ථි, දත් වර්ධනයට මෙන්ම ප්‍රතිශක්ති වර්ධනයට ඉවහල් වේ. බිත්තර • අඩුම මිලකට ලබා ගත හැකි ප්‍රෝටීන අඩංගු ආහාරයයි. • ප්‍රෝටීන, කැල්සියම්,විටමින් A හා E ඇතුළු පෝෂණ කොටස් අඩංගු වේ. කුකුළු මස් • ප්‍රෝටීන, යකඩ, මේදය, විටමින් B12 අඩංගු ආහාරයකි. • මන්දපෝෂණය දුරුකර ශරීර වර්ධනයට උපකාරි වේ.
මෙම ව්‍යාපෘති ප්‍රචලිත කිරීම තුලින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායක වීමට, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමට, නිරෝගී ජනතාවක් ඇති කරවීමට දායක වීමට, ඔබට අවස්ථාව ලැබේ.
මේ යටතේ ගෘහ ආර්ථික ඒකක වලට හඳුන්වාදීමට නියමිත ව්‍යාපෘතීන්. කිරිගව පාලනය ගෘහස්ථ කුකුල් පාලනය එළු පාලනය ඌරන් පාලනය වෙනත් විකල්ප සත්ව පාලනය කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම කොම්පෝස්ට් නිෂ්පාදනය ජීව වායුව නිපදවීම තෘණ වගා හා සත්ව ආහාර ආශ්‍රිත කර්මාන්ත සත්ව පාලනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ නිපදවීම
කිරි නිෂ්පාදනය • ගවයින් 1-2 කින් ආරම්භ කල හැක. • ශ්‍රම අවශ්‍යතාවය අඩුය. • කිරි ලීටරයක් රු.50.00 මුදලකට පහසුවෙන් අලෙවි කල හැක. • පොහොර ජීව වායු වැනි අතුරු ඵල.
ගෘහස්ථ කුකුල් පාලනය • කිකිළියන් 10 ක් ඇති කිරීම ආරම්භයක් වශයෙන් කළ හැක. • දිනකට බිත්තර 8ක් පමණ ලබා ගත හැක. • ශ්‍රම අවශ්‍යතාවය ඉතා අල්පය' • කුඩා කුකුළු කූඩුවක් සාදා ගැනීමට ඉඩ කඩ අවශ්‍යය.
එළු පාලනය • ලඳු කැලෑ තිබීම ඉතා වාසිදායකය. • සතුන් පාලනය සඳහා එතරම් ශ්‍රමයක් අවශ්‍ය නැත. • එළු කිරි සහ මස් සඳහා හොඳ ඉල්ලුමක් ඇත. • දෙමුහුම් සතුන් ඇති කිරීම වඩා ලාභ දායි වේ.
ඌරන් පාලනය • සතුන් ඉක්මනින් බෝවන බැවින් ඉතා ලාභදායි ව්‍යාපාරයකි. • වසරකට රුපියල් 50,000.00 ක පමණ ආදායමක් ලබා ගත හැක. • රුපියල් 20,000.00 ක පමණ මූලික ආයෝජනයකින් ආරම්භ කල හැක. • නිවාස සඳහා අවශ්‍ය වන්නේ දේශීය අමුද්‍රව්‍යයන්ය. • පාරිසරික ගැටළු අවම තත්වයකින් පවත්වාගත යුතු වේ.
වෙනත් විකල්ප සත්ව පාලනය • වටුවන්, කළුකුමන්, තාරාවන් වැනි සතුන්. • ප්‍රෝටීන් අධික බිත්තර සහ මස් සැපයේ. • පාලනය පහසුයි' • වෙළඳපොල සීමිතය'
කිරි ආහාර සැකසීම • ඉතා ලාභදායි ව්‍යාපෘතියකි. • යෝගට්, මුදවපු කිරි, කිරි ටොෆි, චීස් බටර් නිවස තුලදීම සකස් කළ හැක. • වෙළඳපොල ගැටළු ඉතා අඩුය. • ආරම්භයේදී විශාල ආයෝජනයක් අවශ්‍ය නැත. • කිරි එකතු කර නිෂ්පාදන සැකසීමට හැකි අයට ප්‍රමුඛතාවය දිය හැක.
කොම්පෝස්ට් නිෂ්පාදනය • අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ ගොවිපළ අපද්‍රව්‍යයන්ය' • ගව පාලනයේ යෙදෙන අයට ඉතා උචිත වේ. • කොම්පෝස්ට් පැකට් කර අලෙවි කරන්නේ නම් ඒ සඳහා හොඳ වෙළඳපලක් ඇත. • වාණිජ මට්ටමෙන් කොම්පෝස්ට් සැකසීම සඳහා අමුද්‍රව්‍ය සපයාගත හැකි අයට ප්‍රමුඛතාවය ලබා දීම.
ජීව වායු නිපදවීම. • අලෙවිය සඳහා නොව නිවසේ භාවිතය සඳහාය. • නිවසේ දෛනික භාවිතයට ජීව වායුව නොමිලේ ලබා ගත හැක. • අවම වශයෙන් ගවයින් දෙදෙනෙකු අවශ්‍යය. • මූලික ආයෝජන රුපියල් 50,000.00 ක් පමණ වනු ඇත.
තෘණ වගා හා සත්ව ආහාර ආශ්‍රිත කර්මාන්ත • තෘණ වගාකර කැබලි කර අලෙවි කිරීම කල හැක. • අතිරික්ත තණකොළ වේලා මිටි බැඳ අලෙවි කල හැක. • ඉඩ කඩ හා ජල පහසුකම් අවශ්‍යය. • කිරිගව ඒකක ආශ්‍රිතව ආරම්භ කිරීම සුදුසුය.
සත්ව පාලනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ නිපදවීම • ඉන්කියුබේටර,කුකුල් කෑම භාජන, ජල භාජන යනාදිය නිපදවීම. • සරල තාක්ෂණයක් අවශ්‍ය වේ' • දේශීය අමුදුව්‍ය යොදා ගත හැකි වේ' • තෝරාගත හැක්කේ සීමිත ප්‍රතිලාභීන් සංඛ්‍යාවකි.
පශු සම්පත් ක්ෂේත්‍රය දිරිමත් කිරීම සඳහා ප්‍රතිලාභීන් වෙත ලබා දිය යුතු පහසුකාරක. • සහනාධාර මත කිරි ගවයින් ලබා දීම. • තෘණ වගා ප්‍රවර්ධනය සඳහා සහනාධාර සහ අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දීම. • විධිමත් ගව ගාල් තැනීමට උපකාර කිරීම. • කිරි එකතු කිරීමේ උපකරණ ලබා දීම. • කිරි අතුරු නිෂ්පාදන සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම. 1. ක්‍රීම් සෙපරේටර්ස් 2. යෝගට් ඉන්කියුබේටර්ස් 3.අයිස් ක්‍රීම් නිෂ්පාදන මැෂින් 4. කිරි බෝතල් කිරීම සඳහා අවශ්‍ය උපකරණ
බිත්තර සඳහා මසක් වයසැති කිකිළි පැටවුන් ලබා දීම. • කුඩා පරිමාණ බිත්තර රක්කනාගාර ලබා දීම. • කුකුළු මස් සැකසුම් සඳහා උපකරණ ලබා දීම. • පශු නිෂ්පාදන අලෙවිය සඳහා උපකරණ ලබා දීම. • එළුවන් හා එළු ගාල් ලබා දීම. • සූඛර පාලනය සදහා අවශ්‍ය යෙදවුම් ලබා දීම.